ජූනිවල උද්ධමනය පහළ බැහැලා
අද (21) දින ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 ජුනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහි සඳහන් ලෙසට 2025 මැයි මාසයේ දී 0.6% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 ජුනි මාසය සඳහා 0.3% ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.
එසේම 2025 මැයි මාසයේ දී 5.9 % ක් වශයෙන් වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 ජුනි මාසයේ දී පහත වැටී ඇත.
ඒ 4.2% ක් දක්වායි.
තවද 2025 මැයි මාසයේ දී -3.4 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 ජුනි මාසයේ දී වැඩි වී ඇති බව සඳහන්.
ඒ -2.8% ක් දක්වායි.