ආයේ කවරවලට පොල්තෙල් නෑ විශේෂ තීරණයක්

Economy of Sri Lanka Businessman Sinhala news
By Mithu Jul 12, 2025 08:48 AM GMT
Mithu

Mithu

Report

පොල්තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් සුවිශේෂි තීරණයක් ගෙන තිබේ. ඒ අනුව වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ පොල්තෙල් (ලූස් පොල්තෙල්) අලෙවිය නතර කිරීමට පොල් සංවර්ධන අධිකාරිය සූදානම් වේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

අලෙවිය තහනම් කරමින් කඩිනමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන බව අධිකාරියේ සභාපති ශාන්ත රණවක පැවසුවේය.

කලවම් පොල්තෙල් අලෙවි කිරීම වැළක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත. වසරක පමණ කාලයක් තුළදී මෙම තීරණය ක්‍රියාත්මක කරන බව හෙතෙම සඳහන් කළේය. මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසුවේය. මෙම තීරණයට අනුගත වීම සඳහා නිෂ්පාදකයන් වෙත මාස අටක පමණ සහන කාලයක් ලබාදෙන බවද සභාපතිවරයා කීය.

කෙහෙළියගේ නඩුවේ ඇමුණුම් වියදම කෝටිය පනී - තවමත් රජයට පාඩු කරන කෙහෙළිය

කෙහෙළියගේ නඩුවේ ඇමුණුම් වියදම කෝටිය පනී - තවමත් රජයට පාඩු කරන කෙහෙළිය

 

මේ වනවිට පිරිපහදු නොකළ තෙල් ආනයනය කිරීමේදී පනවන බද්දට අමතරව එය රට තුළ පිරිපහදු කිරීමෙන් පසු එයින් එකතුකළ අගය මත බදු මුදලක් අයකරගනු ලබයි. පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කරනු ලබන සමාගම් පහළොවක් පමණ පවතින අතර ඒ අතුරින් කර්මාන්තශාලා නවයක් පිරිපහදු කිරීම් සිදුකරයි. නමුත් මෙලෙස අයකරනු ලබන බදු මුදල් අධික බැවින් මේ වනවිට කර්මාන්තශාලා නවය අතුරින් කර්මාන්තශාලා දෙකක් පමණක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බව කර්මාන්ත හිමියෝ සඳහන් කරති.

O/L නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවීම 14 සිට

O/L නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවීම 14 සිට

ReeCha