එන්නත්කරණය ගැන වැදගත් තීරණයක්.. ?

covid19 vaccination health minister
By Sewvandhi Sep 16, 2021 03:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එන්නත්කරණය පිළිබඳ විශේෂ තාක්ෂණික කමිටුව අද (06) දිනයේ දී රැස්වීමට නියමිතව තිබේ. එහිදී පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන සහ එන්නත්කරණය සිදුකරන කාණ්ඩය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා,

“එන්නත්කරණය පිළිබඳ විශේෂ තාක්ෂණික කමිටුව රැස්වීමට නියමිතයි. එහිදී එන්නත්කරණය පිළිබඳව තීරණ කිහිපයක් ගැනීමට නියමිතව තිබෙනවා. එහිදී පාසල් ආරම්භ කිරීම, පාසල් ළමුන් සඳහා එන්නත්කරණය. මේ අවස්ථාවේදී මතක්කරන්න ඕනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා ඉදිරිපත්කරලා තියෙනවා. එම සියලුම යෝජනා සැලකිල්ලට ගෙන උචිත සුදුසු ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් රජය විසින් තීරණයක් අරගෙන පාසල් ළමුන් හා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා එන්නත්කරණ වැඩපිළිවෙලට යොමුවීමට අවස්ථාව තාක්ෂණික කමිටුව මගින් තීරණයක් ලබාදෙයි.“ මේ අතර ළමුන් දෙසියකට අඩු පාසල් ඉදිරි සති දෙක තුන තුළදී යළි විවෘත කිරීමට රජයේ සැලසුම් කර තිබේ.

------------------------------------------------------

කොවිඩ් සුවවුණු අයෙක් ව්‍යායාම කලාම සිදුවන දේ - භයානක වීඩියෝව-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now