''මෝදිගේ උත්සවයක් අසල ගිනිඅවියක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට'' - ඉන්දියාවම කැළඹූ සිද්ධියක්

Report

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී වීමට නියමිත උත්සවයකට පෙර මුම්බායි නගරයේ ස්ථානයකදී ව්‍යාජ අග්‍රාමාත්‍ය කාර්යාල (PMO) හැඳුනුම්පතක් සහ ගිනිඅවියක් සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, සඳුදා රාත්‍රියේ ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳ පෙරහුරුවක් අතරතුර මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. මුම්බායි පොලිසිය සඳහන් කර ඇත්තේ, බන්ද්‍රා-කුර්ලා සංකීර්ණයේ පිහිටි නීතා මුකේෂ් අම්බානි සංස්කෘතික මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී වීමට නියමිත උත්සවය පැවැත්වෙන ස්ථානයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බවයි.

පසුව එම පුද්ගලයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ආරක්ෂක නිලධාරියා සතුව ගිනිඅවියක් තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් 24 හැවිරිදි රෝහන් පාරේක් නමැත්තා තමන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියෙකු බව හඳුන්වා දී ඇති නමුත්, සිදුකළ පරීක්ෂාවලදී ඔහු සතුව තිබී ඇත්තේ ව්‍යාජ අග්‍රාමාත්‍ය කාර්යාල හැඳුනුම්පතක් බව අනාවරණය වී තිබේ.

සෞදි අරාබියට දරුණු ප්‍රහාරයක් - සිවිල් වැසියන්ට බරපතල තුවාල - සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

සෞදි අරාබියට දරුණු ප්‍රහාරයක් - සිවිල් වැසියන්ට බරපතල තුවාල - සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

සිද්ධිය සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, ගිනිඅවියක් සහ ව්‍යාජ හැඳුනුම්පත් රැගෙන ඔවුන් එම ස්ථානයට පැමිණීමේ අරමුණ පිළිබඳව ප්‍රශ්න කරමින් සිටින බව සඳහන් වේ.

සිද්ධියේ බරපතළභාවය සැලකිල්ලට ගනිමින් මුම්බායි අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශන භාරගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, ඔවුන්ගේ ජංගම දුරකථන, හැඳුනුම්පත් සහ අනෙකුත් භාණ්ඩ ද පරීක්ෂා කරමින් සිටින බව පොලිසිය පවසයි.

විමර්ශනවලදී අනාවරණය වන කරුණු මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද පොලිසිය සඳහන් කර තිබේ. මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (09) මුම්බායිහිදී ලොව විශාලතම හා වඩාත් බලපෑම් සහගත වාර්ෂික මූල්‍ය තාක්ෂණ සමුළුවක් ලෙස සැලකෙන Global Fintech Fest 2026 සමුළුව විවෘත කිරීමට නියමිතය.

දින හතරක් පුරා පැවැත්වෙන මෙවර Global Fintech Fest සමුළුවේ තේමාව ලෙස “Potential to Impact: Agentic AI, Tokenisation, Quantum – Trusted, Connected, Global Systems for Inclusive Finance” යන්න නම් කර තිබේ.

''Traffic නැතිව බෝට්ටුවෙන් ගිහින් බඩු බෙදන අපූරු ක්‍රමය'' - කේරළයෙන් ප්‍රවාහනයට අලුත් උත්තරයක්

''Traffic නැතිව බෝට්ටුවෙන් ගිහින් බඩු බෙදන අපූරු ක්‍රමය'' - කේරළයෙන් ප්‍රවාහනයට අලුත් උත්තරයක්