විදේශගත ලාංකිකයන්ට රජයෙන් සුබ ආරංචියක් - බහුකාර්ය ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙයි

Report

විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින්ට තම විදේශ ඉපැයීම් නිවාස, අධ්‍යාපනය, ව්‍යාපාර සහ අනෙකුත් මූල්‍ය අවශ්‍යතා සඳහා යොදා ගැනීමට හැකිවන පරිදි රජය විසින් බහුකාර්ය ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සඳහන් කරන්නේ, විදේශ රැකියා කොන්ත්‍රාත්තු සහ නිල බැංකු මාර්ග ඔස්සේ සිදුකරන ප්‍රේෂණ සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කළ හැකි විදේශගත ශ්‍රී ලාංකිකයින්ට මෙම ණය පහසුකම සඳහා අයදුම් කළ හැකි බවයි.

ඒ සඳහා අයදුම්කරුවන් විසින් විදේශ ගමන් බලපත්‍රය, රැකියා ගිවිසුම සහ විදේශ රැකියාවෙන් ලැබෙන ආදායම නිල බැංකු මාර්ග ඔස්සේ මෙරටට මාරු කළ බවට සාක්ෂි ඇතුළු අදාළ ලේඛන ඉදිරිපත් කළ යුතුය.

මෙම ණය පහසුකම යටතේ නිවසක් ඉදිකිරීම හෝ මිලදී ගැනීම, ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ පවතින ව්‍යාපාරයක් පුළුල් කිරීම, වාහනයක් මිලදී ගැනීම මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සැලසේ.

විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ දිගුකාලීන මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කිරීම මෙන්ම ඔවුන්ගේ විදේශ ඉපැයීම් ඵලදායී ලෙස ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බව සඳහන් වේ.

එමෙන්ම, විදේශ සේවකයින්ගේ ආදායම් තත්ත්වයට ගැළපෙන පරිදි නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම සහ තරඟකාරී පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබාදීමටද මෙම යෝජනා ක්‍රමය යටතේ කටයුතු කර තිබේ.

ලංකා බැංකුව, මහජන බැංකුව සහ කොමර්ෂල් බැංකුව ඇතුළු ප්‍රමුඛ පෙළේ බැංකු හරහා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන අතර, රජය හඳුන්වා දී ඇති රාමුව යටතේ එක් එක් බැංකුව විසින් විවිධ ණය පැකේජ ඉදිරිපත් කරනු ඇත. මේ හරහා විදේශගත ශ්‍රී ලාංකිකයින්ට තම විදේශ ඉපැයීම් පවුලේ අවශ්‍යතා සඳහා පමණක් නොව, දිගුකාලීන ආයෝජන සහ ආදායම් උත්පාදන කටයුතු සඳහාද යොදා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ජල පාරිභෝගිකයන්ට ජල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

ජල පාරිභෝගිකයන්ට ජල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්