''අපි එකට දිනුම් කණුව තරණය කරනකම් ඔයා ළඟ ඉන්නම්'' - ශනුද්‍රිගේ උපන්දිනේට දිනේෂ්ගෙන් ආදරණීය සටහනක්
ශනුද්‍රි ප්‍රියසාද් කියලා කිව්වහම අපි හැමෝම දන්න දක්ෂ රංගන ශිල්පිනියක්නේ
ඉතිං කලා පවුලකින් එන ශනුද්‍රි ප්‍රියාසාද් සහ දිනේශ් ගමගේ කිව්වහම අපි කවුරුත් ආදරේ කරන කලා ක්ෂේත්‍රයේ ඉන්න ආදරණීය යුවලක් .ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවයත් මුළු රටම කතා කරපු විවාහ උත්සවයක් වුණා .
ඔවුන් දෙදෙනාගේ ආදර කතාවත් ගොඩ දෙනෙක් කතා වුණා .
ඉතිං මේ දිනවල සිනමා ශාලා වල තිරගත වන ආදරණීය තරුවක් හි ප්‍රධාන චරිතය නිරූපනය කරන ශනුද්‍රි ප්‍රියසාද් සහ ශනුද්‍රිගේ අදරණීය සැමියා බොහෝ සෙයින් ජනප්‍රියයි .
ශනුද්‍රි ප්‍රියසාද්ගේ උපන්දිනය අදට යෙදිලා තියනවා.
තම ආදරණීය බිරිද වෙනුවෙන් දිනේශ් අපුරු සටහනක් එකතු කරලා තිබුණා
එම සටහන මෙසේයි
මම සාගර රළක් වගේ ඔයාගේ පාදවල හැප්පිලා ආපහු මුහුදට පාවෙලා යන ජාතියේ කෙනෙක් නෙවෙයි;
වෙරළේ වැලි වගේ ඔයාගේ පාදවල එල්ලිලා අපි එකට දිනුම් කණුව තරණය කරනකම් ඔයා ළඟ ඉන්නම්. 🤍
සුභ උපන්දිනයක්, මගේ ආදරණීය 🤍
ඔයාට ගොඩක් ආදරෙයි.