රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන්ට විශේෂ බස් රථ සේවාවක්

government bus service Kurunagal narahanpita Galle road
By Sewvandhi Nov 01, 2021 03:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නාරාහේන්පිට සහ අවට පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කාර්යාල සේවකයන්ට ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා අද (01 වැනිදා) සිට සාමාන්‍ය සහ සුඛෝපභෝගි විශේෂ කාර්යාල ප්‍රවාහන බස් සේවාවක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ග හතක් කේන්ද්‍රගත කරගනිමින් ආරම්භ කරන මෙම සේවාව නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළ සිට ගාලු පාර හරහා ගාල්ල, හයිලෙවල් පාර හරහා රත්නපුර, අංක 5 පාර හරහා කුරුණෑගල, අංක 6 පාර හරහා කුරුණෑගල, මහනුවර පාර හරහා මහනුවර සහ පුත්තලම පාර හරහා හලාවත දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර , ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය අද (01) පෙරවරුවේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. සංඥා දෝෂයක් හේතුවෙන් මෙලෙස දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව මාර්ග රැසක කාර්යාල දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙන බව මඟින් චෝදනා කළා. දීර්ඝ කාලයකට පසු අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ කෙරුණේද අද දිනයේදීයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now