සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ට දැනුම් දීමක්..

Covid 19 GCE OL Seilanka educations
By Sithumi Feb 10, 2022 01:16 PM GMT
Sithumi

Sithumi

Report

2020 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව උසස් පෙළ විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන් වෘත්තිය පුහුණුව සදහා යොමු කර රැකියාගත කිරිමේ වැඩසටහනක් සැලසුම් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ මිනිස් බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සැලසුම් කර ඇති බවය. 2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ විභාගයට සුදුසුකම් නොලත් සිසුන් 98,000ක් පමණ සිටින බව සදහන් වෙයි. මෙම පිරිසෙන් ගණිත විෂය අසමත් නමුත් පසුව සමත්විමේ පදනම මත උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් හැර සෙසු පිරිස මෙම වැඩසටහන සදහා සහභාගිකර කර ගැනිමට නියමිතය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ ඒ අනුව උසස් පෙළ විභාගයට සුදුසුකම් නොලත් සිසුන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් හදුනාගෙන ඔවුන්ගේ කුසලතා සහ හැකියාව මෙන්ම රුචිකත්වය අනුව වෘත්තිය පුහුණුව ලබාදීමට අපේක්ෂා කරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now