පුටින්ගෙන් අලුත්ම පුවතක්

By Ashfa Apr 28, 2025 01:40 PM GMT
Report

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්‍රේන - රුසියා යුද ගැටුම් සඳහා දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන මැයි 08 වැනිදා සිට මැයි 11 දින දක්වා මෙම සටන් විරාමය ක්‍රියාත්මක වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දෙවන ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කරන ජයග්‍රාහී සැමරුම් උත්සවයට සමගාමීව මෙම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කර තිබෙනවා.

මානුෂීය සලකා බැලීම් මත පදනම්ව රුසියානු ජනාධිපතිවරයා විසින් මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා කෙසේ නමුත් යුක්‍රේනය විසින් මෙම සටන් විරාමය උල්ලංඝනය කළහොත් ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාන් වෙත දන්වා ඇතැයිද සඳහන් වෙනවා.

පසුගිය පාස්කු ඉරිදා දිනයේද රුසියාව විසින් යුක්‍රේනයට පැය 30ක සටන් විරාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගනු ඇත.නමුත් එම සටන් විරාම කාලය තුළදී ප්‍රහාර අඩු වීමක් දක්නට ලැබුණද දෙපාර්ශ්වය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ බවට චෝදනා කරගනු ලැබුණා .