මහා බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්
අවසර නොලත් විදේශ විනිමය ගණුදෙනුවලට හවුල්වන හෝ එවැනි ගණුදෙනු සදහා පහසුකම් සපයන පාර්ශවයන්ට එරෙහිව විදේශ විනිමය පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ විදේශයන්හි දේපල මිලදී ගැනීම් සදහා සිදු කරන ආයෝජන ප්‍රවර්ධනය කෙරෙන දැන්වීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.
පෞද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා ඩොලර් 20,000 ක් හෝ ඊට සමාන අගයක ගෙවීම් හැර විදේශ දේපල ආයෝජන සදහා ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලාංකික නේවාසික තනි පුද්ගලයන්ට අවසර හිමි නොවන බව එම නිවේදනයේ සඳහන්.
එසේම, ඊට අදාළව තවත් රෙගුලාසි රැසක් ක්‍රියාත්මක අතර, ඒ පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙසයි මහ බැංකුව දැනුම් දෙන්නේ.