උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..!

covid19 vaccination A/L student Dr Deileep Liyanage
By Sewvandhi Oct 19, 2021 12:10 PM GMT
Sewvandhi

Sewvandhi

Report

උසස් පෙළ විභාගයට පෙනීසිටින කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ ඇතුළු අධ්‍යාපන කලාප 3ක පාසල් දරුවන් වෙත ෆයිසර් එන්නත ලබාදීම අදත් සිදුකෙරුණි. පාසල් සිසුන් එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දැක්වු, කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලිප් ලියනගේ මහතා සඳහන් කර සිටියේ එන්නත් ලබානොගත් දරුවන් ට ඒ සඳහා යොමුවන ලෙසය.

"කිසිම සැකයක් ඇතිකර ගැනීමට අවශ්‍යතාවයක් නෑ. අපි ගැන විශ්වාසය තියාගෙන සියලුම දෙමාපියන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා, මේ එන්නත්කරණ වැඩසටහන සඳහා පළමු වතාවේදීම තමුන්ගේ ළමයින්ව යොමු කරන්න කියලා.එහිදී පළමු අදියර විදියට කොළඹ දිස්ත්‍රික්කයේ ඉතා සාර්ථකව අපි මේ වැඩසටහන අනිද්දා දිනයේ සහ සිකුරාදා දිනයේ සිදුකරනවා. කිසියම් ළමයෙක් මේ එන්නත්කරණ වැඩසටහන සඳහා ඒමට අපහසුතාවයක් හෝ මොනයම් හේතුවක් නිසා අපගේ එන්නත් වැඩසටහනට යොමු වුණේ නැතිනම් ඒ ළමුන් සඳහා අපි විශේෂ එන්නත්කරණ වැඩසටහනක් සුදානම් කරලා තියෙනවා. සෙනසුරාදා දිනයේදී උදේ 9 සිට 1 දක්වා MOH කාර්යාලවලදී එන්නත්කරණය සිදුකර ගන්න පුළුවන්."

මේ අතර කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ සිදුකරන අහඹු PCR හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

  

ReeCha