දිස්ත්‍රික්ක දෙකක් අතර දුම්රිය ධාවනය ගැන විශේෂදැනුම් දීමක්..

train Colombo Jaffna Kankasanthure Glkissa
By Sewvandhi Nov 02, 2021 01:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

යාපනය හා කොළඹ කොටුව අතර පළමු දුම්රිය හෙට (03දා) සිට ධාවනය වන බව යාපනය දුම්රිය ස්ථානාධිපති ඊ. ප‍්‍රදීපන් මහතා පවසනවා.

ඒ අනුව ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා පළමු දුම්රිය හෙට පස්වරු 5.45 ට ධාවනය වන අතර කන්කසන්තුරයෙන්ද එක් දුම්රියක් පමණක් ධාවනය වනවා.

මෙම දුම්රිය ධාවනය මුලින්ම සාමාන්‍ය දුම්රිය ධාවනයක් ලෙසින් ආරම්භ වන අතර මෙම දුම්රිය සඳහා කලින් ප‍්‍රවේශ පත‍්‍ර වෙන් කිරීමේ පහසුකම් මෙතෙක් සලසා දී නොමැති බවයි යාපනය දුම්රිය ස්ථානාධිපති ඊ. ප‍්‍රදීපන් මහතා පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now