නව කෙටුම් පතකට කතානායකවරයා අත්සන් තබයි

Sri Lanka Parliament Jagath Wickramaratne Sinhala news
By Hashan May 02, 2025 09:17 AM GMT
Hashan

Hashan

Report

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය මස 08 වන දින පැවැත් වූ බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සදහන් කර සිටියා .

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී.

වාහන ආනයනයට පැවති සීමා කිහිපයක් ඉවතට

වාහන ආනයනයට පැවති සීමා කිහිපයක් ඉවතට

ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අදාළ පනත් කෙටුම්පත , සම්මත වුයේ තෙවන වර කියවීමෙන් අනතුරුවයි.

අදාළ පනත් කෙටුම්පත පළමු වර කියවීම සදහා මාර්තු මස 01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි . කෙසේ වෙතත් සම්මත වූ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත 2025 අංක 05 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත වශයෙන් බලාත්මක වන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කර තිබේ.

නවසීලන්ත 85KG රග්බි පිල ශ්‍රී ලංකාවට

නවසීලන්ත 85KG රග්බි පිල ශ්‍රී ලංකාවට

Gallery
ReeCha