මුළු රටම බලාසිටින තීරණාත්මක දවස හෙටයි..පාර්ලිමේන්තුවේ හෙට වෙනදේ මෙන්න.

Parliament of Sri Lanka
By Aruna Dec 16, 2024 02:12 AM GMT
Aruna

Aruna

Report

පාර්ලිමේන්තුව හෙට (17) දිනයේ දී රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙම සතිය තුළ පාර්ලිමේන්තුව රැස්වී හෙට සහ අනිද්දා (17) යන දින දෙක සඳහා සීමාවනු ඇත.

මෙහිදී දැනට පුරප්පාඩුව පවතින කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත.

ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ගැටුමක්..කථානායක ප්‍රශ්නයෙන් වැඩේ ලීක් වෙයි..

ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ගැටුමක්..කථානායක ප්‍රශ්නයෙන් වැඩේ ලීක් වෙයි..


ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වනු ඇති බවයි වාර්තා වන්නේ.

හෙට උදෑසන 9.30 සිට 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහා මීට ප්‍රථම වෙන්කර තිබුණා.

කෙසේවෙතත් නව කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීම ආරම්භයේ දී ම සිදුවන අතර ඒ සඳහා යම් වේලාවක් ගත වනු ඇති බව ද සඳහන්.

කථානායකවරයා ලෙස කටයුතු අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගැනීමත් සමග මේ වන විට 10වන පාර්ලිමේන්තුවේ කථානායක ධුරය පුරප්පාඩුව පවතී.

කෙසේවෙතත් කථානායක ධුරය සඳහා ආණ්ඩු පක්ෂයෙන් මේ වන විටත් නම් 3ක් යෝජනා වී ඇති අතර වත්මන් නියෝජ්‍ය කථානායකවරයාගේ නම ද ඒ සඳහා යෝජනා වී ඇති බව සඳහන්ය.

පවතින තත්වය තුළ නව කථානායකවරයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද දිනයේ දී පැවැත්වෙනු ඇත.

අද මේ ලග්න වලට බලාපොරොත්තු විය නොහැකි සිදුවීම් සිදුවිය හැකි දිනයක්..දැඩි විමසිල්ලෙන් ඉන්න.(VIDEO)

අද මේ ලග්න වලට බලාපොරොත්තු විය නොහැකි සිදුවීම් සිදුවිය හැකි දිනයක්..දැඩි විමසිල්ලෙන් ඉන්න.(VIDEO)


මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සඳහන් කළේ, කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කිරීම සුදුසු ක්‍රියාවක් නොවන බවයි.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විපක්ෂයෙන් කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකුගේ නම යෝජනා කරන බවට සිදුකළ ප්‍රකාශයත් සමගයි.

You May Like This Video


ReeCha