ලංකා සතොසෙන් භාණ්ඩයක මිල සම්බන්ධයෙන් විශේෂ තීරණයක්..

By Sewvandhi Nov 03, 2021 03:09 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රජය සීනි පාලන මිල ඉවත් කළ ද සතොස පැවැති මිලටම සීනි තව දුරටත් අළෙවි කරන බව තොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා මාධ්‍ය වෙත පැවසීය.

සීනි පැවැති මිලට තව දුරටත් අළෙවි කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දී ඇති බව කී රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සුදු සීනි කිලෝවක් රුපියල් 122 කට සහ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 125 කට අළෙවි කරන බව ද සඳහන් කළේය.

වරායෙන් ලබාගත් සුදු සීනි මෙටි්‍රක්ටොන් දහසකට වැඩි තොගයක් ඉදිරි දින කීපයේදී සතොස වෙළෙඳසල්වලට ලබාදීමට නියමිත බවත් ආනන්ද පීරිස් මහතා වැඩි දුරටත් කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW