සතොස කඩා කිරිපිටි පැකට් රැගෙන ගිය හැටි - (CCTV VIDEO)

sri lanka Covid 19 Corona virua
By Sithumi Oct 31, 2021 10:44 AM GMT
Sithumi

Sithumi

Report

සතොස වෙළෙඳසැළක විදුරුවක් කඩා ඊට ඇතුළු වූ පුද්ගලයෙකු කිරිපිටි පැකට් කිහිපයක් රැගෙන ගොස් තිබේ. 

සොරකම සිදුව තිබුණේ ඊයේ (30) රාත්‍රී 7.30ත් 8.00ත් අතර ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළේ ඉහළ මාලයේ පිහිටා තිබූ සතොස වෙළෙඳසැළ තුළය. 

සැකකරු වෙළෙඳසැළට ඇතුළුවී විනාඩි කිහිපයක් ඇතුළත කිරිපිටි පැකට් කිහිපයක් බෑගයක දමාගෙන යන අයුරු එහි සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබේ. වෙනත් භාණ්ඩ සොරකම් කර තිබේද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now