එක රටක් එක නීතියක් ගැසට් එක කණපිට හැරේ..සිදුවූ දේ මෙන්න.

Sri Lanka Ganasara Himi One country and one Law gazette change
By Aruna Nov 10, 2021 06:48 AM GMT
Report

එකම රටක් එකම නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සාමාජිකයින් ලෙස රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේස්වරී පට්ගුණරාජා සහ අයියම්පිල්ලෙයි දයානන්දරාජා පත් කර තිබෙනවා.

නිකුත් කර ඇති නව ගැසට් පත්‍රයට අනුව මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් කාර්ය සාධක බලකායේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇති බව පෙනෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම කාර්ය සාධක බලකායේ නියමයන් ද පහත පරිදි සංශෝධනය කර ඇති අතර “එකම රටක්, එකම නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවල අදහස් හා මතයන් සැලකිල්ලට ගනිමින් එම සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ඉතා සුදුසු සංකල්පීය රාමුවක් සැකසීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery