දෙහිවල - ගල්කිස්ස මහනගර සභාව මාර්ග නාම පුවරු සඳහා SPA අනුග්‍රහය..

Report

දෙහිවල - ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශයේ මාර්ග නම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක (SPA) අනුග්‍රහය ලබාගැනීම සම්බන්ධයෙන් මහනගර සභාවට විපක්ෂයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබේ.

මෙම අනුග්‍රහය හේතුවෙන් බල ප්‍රදේශයේ බොහෝ මංමාවත්වල SPA ආයතනයේ දැන්වීම් ප්‍රචාරය කිරීමට නිල අවසරය හිමි වී ඇති බව දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ විපක්ෂ කණ්ඩායම් නායක වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

මේ පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ, බොහෝ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානවල නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු වන බවත්, ඇතැම් අවස්ථාවල එම ස්ථාන ගණිකා නිවාස ලෙස පවත්වාගෙන යන බවටත් තොරතුරු ඇති බවයි.

මෙවැනි ක්‍රියාකාරකම් හරහා ආදායම් ඉපැයීමට මහනගර සභාවේ වත්මන් පරිපාලනය කටයුතු කරන්නේ නම්, එය බරපතළ ලෙස සලකා බැලිය යුතු බවත්, එවැනි තීරණවල බලපෑම ගැන නැවත විමසා බලන ලෙසත් ඔහු අවධාරණය කරයි.

සරසවි යන්න ඉන්න අයට z-score වගේම මේ ලකුණු තිබ්බොත් විශේෂ සැලකිලි

සරසවි යන්න ඉන්න අයට z-score වගේම මේ ලකුණු තිබ්බොත් විශේෂ සැලකිලි

මහනගර සභාවේ වත්මන් පරිපාලනය බලයට පත්වී මාස හතරකට වැඩි කාලයක් ගත වුවද, එහි කටයුතු බෙහෙවින් මන්දගාමී බවට ප්‍රදේශවාසීහු ද චෝදනා කරති. මෙම ගැටළු සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කර විසඳුම් ලබාදෙන ලෙස විපක්ෂය මහනගර සභාවෙන් ඉල්ලා සිටී.

මත්පැන් වංචාවකට හසුවූ තමන්නා බේරෙන්න ලංකාවට ආවද?

මත්පැන් වංචාවකට හසුවූ තමන්නා බේරෙන්න ලංකාවට ආවද?

 

Gallery