සම්බාහනය කරගන්න ගිය වෛද්‍යවරයෙක්ව නිරුවත් කර සිව්දෙනෙක් කරපු දේ..සියල්ල පැයක් පුරා වීඩියෝ කරල.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Ministry of Health Sri Lanka
By Aruna Nov 11, 2024 07:13 AM GMT
Aruna

Aruna

Report

අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වූ පුද්ග­ල­යකු මඟින් සම්බා­හන­යක් කර­ගැ­නී­මට බම්බ­ල­පි­ටියේ තට්ටු නිවාස සංකී­ර්ණ­යක නි‍ව­ස­කට පැමිණි වෛද්‍ය­ව­ර­යකු නිරු­වත් කර වීඩියෝගත කර එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට තර්ජ­නය කර­මින් රුපි­යල් ලක්ෂ දහ­යක මුද­ලක් මාර්ග­ගත ක්‍රම­යට බැංකු ගිණු­ම­කට බැර කරවා ගනි­මින් සිදු­කළ මුදල් කොල්ල­කෑ­මක් සම්බ­න්ධ­යෙන් බම්බ­ල­පි­ටිය පොලී­සිය පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

දකුණු පළාතේ පිහිටි රෝහ­ලක සේවයේ නිරත වයස අවු­රුදු 35ක් පමණ වන වෛද්‍ය­ව­රයා කොළ­ඹට නුදුරු ප්‍රදේ­ශ­යක පදිං­චිව සිටි­න්නෙක් බවයි පැවසෙන්නේ.

රන්ජන්ගේ පක්ෂය අද රෑ සිට හොර රහසේ කරන්න හදපු වැඩක් මාට්ටු වෙයි..

රන්ජන්ගේ පක්ෂය අද රෑ සිට හොර රහසේ කරන්න හදපු වැඩක් මාට්ටු වෙයි..


අන්තර්ජාලය හරහා සම්බන්ධ වූ පුද්ග­ල­යෙක් සමඟ මෙම වෛද්‍ය­ව­රයා කෙටි කාල­යක් සංවා­දයේ යෙදෙ­මින් හිත­ව­ත්ක­මක් ගොඩ­න­ඟා­ගෙන තිබී තිබේ.

වෛද්‍ය­ව­රයා පොලී­සි­යට පවසා ඇත්තේ දැන හඳු­නා­ගත් පුද්ග­ලයා තමාට යොමු කළ ලොකේ­ෂන් ඔස්සේ පසු­ගිය අට­වෙ­නිදා සවස බම්බ­ල­පි­ටියේ මහල් නිවාස සංකී­ර්ණ­ය­කට ගිය බවයි.

තමා එම නි‍ව­සට ගියේ මුද­ලට සම්බා­හ­න­යක් කර ගැනීම සඳහා බවයි වෛද්‍ය­ව­රයා පොලී­සි­යට පවසා ඇත්තේ.

නිවාස සංකී­ර්ණයේ දහ­වැනි නි‍ව­සට ගිය වෛද්‍ය­ව­ර­යාව අන්තර්ජාලය හරහා සම්බන්ධ වූ පුද්ග­ලයා විසින් පිළි­ගෙන කාම­ර­ය­කට රැගෙන ගොස් ඇති බවත්, වෛද්‍ය­ව­ර­යාට එහි දී තුවා­යක් ලබා­දෙ­මින් ඇඟ­පත සෝදා­ගෙන පැමි­ණෙන ලෙස දැනුම් දී ඇති බවත් තමා ඇඟ­පත සෝදා­ගෙන පැමිණ ඇති බැවින් නැවත සෝදා ගැනී­මක් අන­වශ්‍ය බවත් එහි දී වෛද්‍ය­ව­රයා පව­ස­මින් සම්බා­හ­නය කර ගැනී­මට සූදා­නම් වී ඇති බවයි පොලී­සිය සඳ­හන් කරන්නේ.

පොලී­සිය සඳ­හන් කරන්නේ, එම අව­ස්ථාවේ දී වෙනත් කාම­ර­යක සිටි පුද්ග­ල­යන් සිවු දෙනෙක් එ‍තැනට කඩා වැදී පැය­කට ආසන්න කාල­යක් වෛද්‍ය­ව­ර­යාව රඳ­වා­ගෙන ඇඳුම් ගලවා නිරු­වත වීඩි­යෝ­ගත කර ඇතැයි වෛද්‍ය­ව­රයා පව­සන බවයි.

වෙරළට කිලෝමීටර 40ක් දුරින් ප්‍රබල භූමිකම්පා දෙකක්..සුනාමි අනතුරු අගවයි?..

වෙරළට කිලෝමීටර 40ක් දුරින් ප්‍රබල භූමිකම්පා දෙකක්..සුනාමි අනතුරු අගවයි?..


එසේ ලබා­ගත් වීඩි­යෝව අන්ත­ර්ජා­ල­යට සහ සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට තර්ජ­නය කර­මින් තමාගේ බැංකු ගිණුමේ තිබූ රුපි­යල් ලක්ෂ දහ­යක මුද­ලක් මාර්ග­ගත ක්‍රම­යට ඔවුන් ලබා­දුන් ගිණුම් අංක­ය­කට හුව­මාරු කළ බව ද වෛද්‍ය­ව­රයා බම්බ­ල­පි­ටිය පොලී­සි­යට පැමි­ණිලි කර තිබේ.

මෙම ස්ථාන­යෙන් නිද­හස්වූ පසු වෛද්‍ය­ව­රයා මේ බව තමාට හිත­වත් නීති­ඥ­ව­ර­ය­කුට පැව­සී­මෙන් පසු ඔහුගේ දැනුම් දීමට අනුව පොලී­සි­යට පැමි­ණි­ල්ලක් කර ඇත.

ඒ අනුව බම්බ­ල­පි­ටිය පොලි­සියේ නිල­ධා­රීන් වෛද්‍ය­ව­රයා සමඟ ඔහු සඳ­හන් කළ තට්ටු නිවාස සංකී­ර්ණ­යට ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ වන­වි­ටත් එම නි‍වස වසා දමා සැක­ක­රු­වන් පලා ගොස් සිටි බව පොලි­සිය සඳ­හන් කරන අතර නිවසේ හිමි­කරු ගල්කිස්ස ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු බවයි අනා­ව­ර­ණය වී ඇත්තේ.

නිවෙස් හිමියා එම නි‍වස කුලී පද­නම මත ලබා දෙන්නක් බව ද අනා­ව­ර­ණය වී ඇත.

අන්ත­ර්ජා­ලයේ වෙ‍ෙළඳ දැන්වීම් පළ කර­මින් කුලි­යට දීමට තිබූ එම නිවස පසු­ගිය බදාදා දින­කට රුපි­යල් 12,500 බැගින් වූ ගෙවීම් පද­න­මක් මත යම් පුද්ග­ල­යෙක් කුලි­යට ලබා­ගෙන තිබී ඇතැයි විම­ර්ශ­න­ව­ලින් හෙළි වී තිබේ.

රට පුරා පොලිස් ලොක්කන්ට දාඩිය දාන තීරණයක් ඉහළින් ගනී..උදේ 6.30 සිට කරන්න තියෙන වැඩ ලැයිස්තුවක් එයි.

රට පුරා පොලිස් ලොක්කන්ට දාඩිය දාන තීරණයක් ඉහළින් ගනී..උදේ 6.30 සිට කරන්න තියෙන වැඩ ලැයිස්තුවක් එයි.


එසේ තමාගේ නි‍වස කුලි­යට ගත් පුද්ග­ලයා කවු­රු­න්දැයි නිවෙස් හිමි­කරු නොදන්නා බවත් නි‍වසේ යතුර පවා ලබා දී ඇත්තේ ගල්කිස්සේ සිට ගෝල­යකු බම්බ­ල­පි­ටි­යට එවා ඔහු මඟින් බවත් අනා­ව­ර­ණය වී ඇතැයි පැවසේ.

මුදල් හුව­මාරු කළ බැංකු ගිණුම ඔස්සේ විම­ර්ශන සිදු­වන බවත් එම ගිණුම් හිමි­කරු බැංකු­වට ලබා දී ඇති ලිපි­න­යට අනුව කළ සොයා බැලී­මක දී අනා­ව­ර­ණය වී ඇත්තේ ඔහු එම ලිපි­නයේ මේ වන­විට නොමැති බවයි.

උසස් පොලිස් නිල­ධා­රීන් සඳ­හන් කළේ, තව­දු­ර­ටත් ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැ­ත්වෙන බවත් ආර­ක්ෂක කැමරා දර්ශන ද විම­ර්ශන කට­යු­තු­ව­ලට යොදා­ගෙන තිබෙන බවයි.

ReeCha