දකුණු කොරියාවට දැඩි අවධානම් තත්ත්වයක්..මේ වන විට 26ක් මියයයි.(PHOTOS)
දකුණු කොරියාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙකු මියගොස්, තවත් දසදෙනෙකු පමණ අතුරුදහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එරට බොහෝ ප්‍රදේශවල ගංවතුර, නායයෑම් සහ විදුලිය විසන්ධිවීම් සිදුව ඇති බවයි .
මේ අතර ගංවතුරත් සමඟ උමං මාර්ගයකින් මළ සිරුරු හතක්(7) සොයා ගැනීමට සහන කණ්ඩායම් වෙත හැකිවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.
මේ අතර උතුරු Chungcheong හි ගෝසාන් වේල්ල පිටාර ගැලීමට පටන් ගැනීමත් සමඟ අවට පදිංචිකරුවන් 6,400ක් පමණ ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
වේල්ල ආශ්‍රිත පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවාසීන් නිවෙස් තුළ සිරවී සිටින බවට තොරතුරු ලැබී ඇත.
මේ අතර ලබන බදාදා දක්වා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කොරියානු කාලගුණ විද්‍යා බලධාරීන් අනාවැකි පළ කරනවා.
මෙම අහයපත් කාලගුණයෙන් විපතට පත් වූ සියලු දෙනාට කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන ලෙස දකුණු කොරියා අගමැති හැන් ඩක්-සූ උපදෙස් ලබා දී තිබෙන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.


