ලංකාවට ජොක්ගු හදුන්වා දෙයි - මෙන්න විස්තරේ
By Ashfa
දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් වන "ජොක්ගු" (Jokgu) ක්‍රීඩාව ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වාදීමේ ඓතිහාසික සමාරම්භක උළෙල අද කොළඹ ක්‍රිඩා සභාවේදී සිදු විය.
මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ,කොරියානු ජොක්ගු ක්‍රීඩා සම්මේලනයේ සභාපති හොං කී යොං මහතා (Mr. Hong Ki-yong) ,ජාත්‍යන්තර ජොක්ගු ක්‍රීඩා සම්මේලනයේ ශ්‍රී ලංකා නියෝජිත සහ ලංකා සේවා හා නිෂ්පාදන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සභාපති නන්දන ඇඹුල්දෙණිය මහතා,ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් S.අච්චුනාත් මහතා,ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ චමින්ද ධර්මසිරි මහතා,මේජර් ජනරාල් සරත් පැරකුම් මහතා හා ජාතික සෙපක්තක්රෝ සම්මේලනයේ සභාපති නිලාම් හලල්දීන් මහතාගේ සහභාගිත්වයෙන් මෙම තරගය පැවැත්වුණි.