නියමුවන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගත් ලාංකිකයන්ට දකුණු කොරියාවෙන් දිගුකාලීන වීසා ලබා දෙයි

Report

ගුවන් අනතුරකට ලක්ව මුහුදට කඩා වැටුණු යානයක සිටි නියමුවන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගැනීමට කළ සුවිශේෂී මෙහෙය අගය කරමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට දිගුකාලීන පදිංචි වීසා ලබාදීමට දකුණු කොරියානු රජය පියවර ගෙන තිබෙනවා.

දකුණු කොරියානු මාධ්‍ය වාර්තා අනුව, මෙම ගලවාගැනීමේ මෙහෙයුම සිදුව ඇත්තේ 2022 අගෝස්තු 12 වැනිදා සෝල් නුවරට කිලෝමීටර් 45ක් පමණ දකුණින් පිහිටි හ්වාසන්ග් වෙරළට ඔබ්බෙන් වූ කහ මුහුදේදීයි. එම අවස්ථාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු අනතුර දැක වහාම ක්‍රියාත්මක වී තිබෙනවා.

ඔවුන් සේවය කළ කොරියානු ධීවර බෝට්ටුවේ සහාය ඇතිව මුහුදට වැටුණු නියමුවන් දෙදෙනා බේරාගෙන ආරක්ෂිතව වෙරළට රැගෙන ඒමට ඔවුන් සමත් වී තිබුණා. එම අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනාම දකුණු කොරියාවේ රැකියා බලපත්‍ර ක්‍රමය (EPS) යටතේ නිකුත් කරන E-9 වීසා බලපත්‍ර මත සේවය කරමින් සිට තිබෙනවා.

2026 යල කන්නයේ වී ගන්න කෝටි 750කට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

2026 යල කන්නයේ වී ගන්න කෝටි 750කට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

එම වීසා කාණ්ඩය යටතේ සාමාන්‍යයෙන් විදේශීය ශ්‍රමිකයෙකුට දකුණු කොරියාවේ රැඳී සිටීමට අවසර හිමිවන්නේ වසර 4යි මාස 10ක පමණ කාලයක් සඳහායි. කෙසේ වෙතත්, නියමුවන් දෙදෙනාගේ ජීවිත බේරාගැනීමට දැක්වූ සුවිශේෂී ධෛර්යය සහ මානුෂීය මෙහෙය සැලකිල්ලට ගනිමින් දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශය විසින් ඔවුන් දෙදෙනාට විශේෂ දිගුකාලීන වීසා ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, නැවත නැවත වීසා දීර්ඝ කිරීමකින් තොරව දකුණු කොරියාවේ දිගුකාලීනව රැඳී සිටීමට ඔවුන්ට අවස්ථාව හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. මෙම ගලවාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ අනෙක් ශ්‍රී ලාංකිකයාටද මේ වනවිට දිගුකාලීන වීසා බලපත්‍රයක් හිමිව ඇති බව සඳහන්.

යාපනයේ උත්සවයක් ඛේදවාචකයකින් අවසන් වෙයි - ගිනිකෙළි හා අධි බලැති ලේසර් කිරණ නිසා දරුවන් සහ කාන්තාවන් 166ක් රොහල් ගත කරයි

යාපනයේ උත්සවයක් ඛේදවාචකයකින් අවසන් වෙයි - ගිනිකෙළි හා අධි බලැති ලේසර් කිරණ නිසා දරුවන් සහ කාන්තාවන් 166ක් රොහල් ගත කරයි