2026 යල කන්නයේ වී ගන්න කෝටි 750කට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

Report

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 7,500ක හෙවත් රුපියල් කෝටි 750ක ප්‍රතිපාදන වෙන් කිරීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබෙනවා.

අදාළ පරිපූරක ඇස්තමේන්තුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අතර, දහවල් 12.30 දක්වා පැවති විවාදයෙන් පසු පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර තිබෙනවා.

ඒ අනුව, 2026 යල කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා රජයට අවශ්‍ය රුපියල් මිලියන 7,500ක අමතර ප්‍රතිපාදන සලසා ගැනීමට අවස්ථාව හිමිව තිබෙනවා.

රටම කළඹපු මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ගේ පවුල්වලට ලක්ෂ 20 බැගින් වන්දි

රටම කළඹපු මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ගේ පවුල්වලට ලක්ෂ 20 බැගින් වන්දි

අපිට වැඩියෙන්ම කැමති රටවල් හෙළිවෙයි - අසල්වැසි රටවල් තුනක්ම ලංකාව ගැන කියන දේ මෙන්න

අපිට වැඩියෙන්ම කැමති රටවල් හෙළිවෙයි - අසල්වැසි රටවල් තුනක්ම ලංකාව ගැන කියන දේ මෙන්න