දකුණු කොරියාවේ කර්මාන්ත ශාලාවක විශාල ගින්නෙන් මිය ගිය අය අතර ලාංකිකයින් සිටී ද?..අලුත්ම තත්ත්වය මෙන්න.(PHOTOS/UPDATE)

Sri Lanka Fire Accident South Korea Death
By Aruna Jun 25, 2024 08:16 AM GMT
Aruna

Aruna

Report

දකුණු කොරියාවේ ලිතියම් බැටරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නෙන් මියගිය සහ තුවාල ලැබූවන් අතර කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නොමැති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කර සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සෝල් අගනුවර, හ්වාසොං නගරයේ ඇරිසෙල් කම්හලේ ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාම හේතුවෙන් එම ගින්න හටගත් බවයි.

රන් මිල එකවරම වෙනස් වෙයි..ලංකාවේ අද මිල ගණන් මෙන්න..

රන් මිල එකවරම වෙනස් වෙයි..ලංකාවේ අද මිල ගණන් මෙන්න..


එම අවස්ථාවේ කර්මාන්තශාලාවේ සේවකයන් 100 දෙනෙකු පමණ සේවය කරමින් සිට තිබෙන අතර ගින්නෙන් පුද්ගලයින් 22නෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පිරිස අතර චීන ජාතිකයින් 18ක්, ලාඕසියානු ජාතිකයින් දෙදෙනෙක් සහ දකුණු කොරියානු කම්කරුවන් දෙදෙනෙක්ද සිටින බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්නෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා.

විශාල ඩොලර් ප්‍රමාණයක් ලංකාවට එකවරම ලැබෙයි..ලෝක බැංකුවෙන් සතුටුදායක ආරංචියක්..

විශාල ඩොලර් ප්‍රමාණයක් ලංකාවට එකවරම ලැබෙයි..ලෝක බැංකුවෙන් සතුටුදායක ආරංචියක්..


දකුණු කොරියාව ලිතියම් බැටරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන අතර ඒවා විද්‍යුත් වාහනවල සිට ලැප්ටොප් පරිගණක දක්වා බොහෝ අයිතමවල භාවිතයට ගනු ලබයි.

GalleryGallery