අත්අඩංගුවට ගත් සොත්ති උපාලිගේ සිගිති දුව රිමාන්ඩ්
අයිස් මිලි ග්‍රෑම්ස් විසි දහසක් සමඟ මාලබේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සොත්ති උපාලිගේ දියණිය එළඹෙන (23) වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස නියෝග කර ඇත.
ඒ අනුව දින හතක රැඳවුම් නියෝග අවසානයේ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොට්ටේ, මාදිවෙල, ප්‍රගතිපුර පදිංචි ඒ. ඩී. ප්‍රසංතිකා නිර්මාණි නොහොත් ‘සිගිති’ නමැත්තියක්.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය සහ පොලිස් අධිකාරි ලසිත අබේවික්‍රම, මාලබේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රදීප් විජේසිංහගේ යන නිලධාරීන්ගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක දුලාංජනගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.