අධික වර්ෂාවත් සමඟ යළි කඩා වැටෙන පස් කඳු - රථවාහන ධාවානයත් නවතී
දිට්වා සුලි කුණාටුව පැවති සමයේ නායයාමට ලක්වූ සොරණාතොට පතනවත්ත තැන්නපංගුව මාර්ගයේ 10කනුව ප්‍රදේශයේදි ඇති වූ වර්ෂාවත් සමඟ අද (21) දින රාත්‍රියේ යළි පස්කදු කඩා වැටීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය ඇණහිට ඇති බව කන්දේගෙදර පොලිසිය ප්‍රකාශ කරයි.
එමෙන්ම බදුල්ල ප්‍රදේශයට සවස් කාලයේ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ සොරණාතොට පතනවත්ත තැන්නපංගුව මාර්ගයට පස්වැටීමට පටන් ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම මේ වන විට මාර්ගයට කඩාවැටී ඇති පස් හෙට දින (22) ඉවත්කිරීමට කටයුතු සිදු කරන බවත් ඌව පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.