පානදුර කළඹමින් හදිසියේ වෙළෙඳසලක ගින්නක් - ගින්න නිවන්න දැඩි උත්සාහයක්[VIDEO]
පානදුර උතුර පොලිස් බල ප්රදේශයට අයත් ගොරකපොළ ප්රදේශයේ පිහිටි අබලි භාණ්ඩ එක්රැස් කරන වෙළෙඳසලක කඩ කාමරයක් තුළ අද (21) දින පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන ඇත.
අද (21) සවස පානදුර පරණ පාරේ පිහිටි මෙම වෙළෙඳ සැලේ ගින්න හටගෙන තිබෙන අතර, ඉන් එම කඩ කාමරය තුළ තිබූ අබලි භාණ්ඩ රැසක් විනාශ වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් එම ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ ජීවිත හානියක් සිදුව නොමැති බව සඳහන්.
එමෙන්ම ගින්න පිළිබඳ දැනුම් දීමෙන් පසු මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කරන බව සඳහන්.
කෙසේ වුවද මෙම ගින්න හටගැනීමට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව පානදුර උතුර පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,