රටේ තාර හිඟයට විසඳුමක් - පාරවල් හදන වැඩ නතර නොවී කරගෙන යන්න මාර්ග සංවර්ධන අධිකාරිය ගත් අලුත්ම ක්‍රියාමාර්ගය මෙන්න

By Kanchana Nov 19, 2026 09:15 AM GMT
Report

රට තුළ පවතින තාර හිඟය මඟහරවා ගැනීම සඳහා මේ වනවිට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පවසයි.

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් සහ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව මතුව ඇති නාවික ගමනාගමන බාධා හේතුවෙන් ඉරානයේ සිට ශ්‍රී ලංකාවට තාර ආනයනය කිරීමේ කටයුතු අඩාල වී ඇති බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, එම තත්ත්වය හමුවේ මෙරට තාර අවශ්‍යතාව සපුරාලීම සඳහා වෙනත් රටවලින් තාර ආනයනය කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය. ඔ

හු මේ බව සඳහන් කළේ ඊයේ (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රට තුළ මාර්ග සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තාර සැපයුම සහතික කිරීම වෙනුවෙන් මෙම විකල්ප ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න

අද ලංකාවේ සියලුම පාසල් සඳහා - විශේෂ වැඩසටහනක් ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන්

අද ලංකාවේ සියලුම පාසල් සඳහා - විශේෂ වැඩසටහනක් ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන්