හැමෝම අපේක්ෂා කළ සෞඛ්‍ය ක්ෂේත්‍රයට නව ඇමතිගෙන් විසදුම් රැසක්.. රටේ සෞඛ්‍ය ගැන සුබ ආරංචියක්.
මේ වන විට රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදකාරි තත්වයකට පත්ව තිබෙන්නේ කළක් ආසියාවේ අංක එකේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හිමි රටක්ව පැවති පසුබිමකයි.
කෙසේ වෙතත් පැවති සෞඛ්‍ය අර්බුදය හමුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පවා සම්මත කෙරුණා.
කෙසේවෙතත් මෙවැනි පසුබිමකදි ජනාධිපතිවරයාට දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට අවශ්‍යතාවය තිබුණද රමේෂ් පතිරණ මහතාගේ අකමැත්ත මත එය සිදු කිරීමට නොහැකි වුණා.
කෙසේවෙතත් මෙම තත්වය මත ජනාධිපතිවරයා දීර්ඝ සංචාරයකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යධුරය ඇතුළු අමාත්‍යධුර කිහිපයක් වෙනස් කිරීමට කටයුතු කළා.
ඒ අනුව නව සෞඛ්‍ය අමාත්‍යධුරය හිමිවූයේ වෛද්‍ය රමේෂ් පතිරණ මහතාටයි.
ඔහු නව අමාත්‍යධුරයට පත්වු පසුව සිදුකළ ප්‍රකාශයක් වෙතටයි අපි මීළඟට අවදානය යොමු කරන්නේ.
එහිදි සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නව පුද්ගල සහ ව්‍යුහාත්මක වෙනසක් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රමේශ් පතිරණ මහතා පවසනවා.
ජනතාව තමාගෙන් සුවිශේෂි වෙනසක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බලාපොරොත්තු වන බැවින් මෙම වෙනස සිදු කිරීමට සිදුවන බවයි ඔහු ප්‍රකාශ කළේ.
ඔහු මේ බව සදහන් කළේ රූපවාහිණි වැඩසටහනකට එක් වෙමින්.
