ඔබත් සමාජජාලා වලට ඇබ්බැහි වෙලාද ? මෙන්න විසඳුම (VIDEO)
ඔබත් සමාජජාලා වලට ඇබ්බැහි වෙලාද ? මෙන්න විසඳුම ෆේස්බුක්, ට්විටර් වගේ සමාජජාලා වල පැය ගණන් කාලය නාස්ති කර කර ඉන්න කෙනෙක්ද ඔබ ? ඔබ දන්නවාද, මේකත් එක්තරා මානසික ගැටලුවක් කියලා. මානසික වෛද්‍යවරු කරල තියෙන නවතම පරීක්ෂණ වලින් තහවරු වෙලා තියෙන්නෙ සමාජජාලා වලට ඇබ්බැහි වීම මානසික රෝගී තත්වයක් කියලා. මෙසේ වීමට හේතු ගණනාවක් තියෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් දිනකට පැයක් පමණ සමාජජාලා වල කාල ගතකිරීම ගැටලුවක් නෙමෙයි. නමුත් සමහර කොල්ලො කෙල්ලො දිනකට පැය 10-15 මේ සමාජජාලා වල එල්ලීගෙන ඉන්නවා. ඔවුන්ට ෆේස්බුක් හැරෙන්න වෙන ජීවිතයක් නෑ. පැයකට පෝස්ට් 20-30හ දානවා. මේකට තමයි ඇබ්බැහිවීම කියන්නෙ. ඔබත් මේ දේ මේ විදියට කරනවාද? ඔබේ අනිත් වැඩත් පාඩු කරගෙන ෆේස්බුක් එකේම මූණ ඔබාගෙන ඉන්නවාද? එහෙනම් ඔබට ගැටලුවක් තියෙනවා.
ඇයි සමාජජාලා වලට කොල්ලො කෙල්ලො ඇබ්බැහි වෙන්නෙ ?
ජීවිතයේ යම් අඩුපාඩුවක්, කණසල්ලෙන් ඉන්න කෙනෙක්, මානසික ආතතිය, විශාදය, කරන්න වැඩක් නැතිවීම, ඇත්ත යහළු යෙහෙළියන් නැතිවීම, දෙමව්පියන් හා සහෝදර හහෝදරියන් එක්ක වැඩි සබඳකමක් නැතිවීම වගේ කාරණා තමයි සමාජජාලා වලට ඇබ්බැහි වුණු හැම කෙනෙක්ම පිටුපස තියෙන කතාව. ඉතින් අපට මේ දේවල් වලට ඇබ්බැහිවුණු කෙනෙක්ට දොස් කියන්නත් බෑ. මොකද අපි දන්නෙ නෑනෙ එහි පිටුපස තියෙන කතාව. හේතුව කුමක් වුණත් මේ දේවල් වලට මේ විදියට දැඩි ලෙස ඇබ්බැහි වීම නම් හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඔබටත් මෙවැනි ඇබ්බැහි වීමක් ඇත්නම් ඒ ගැන තව කෙනෙකු සමග කතාකරන්න. නමුත් මෙතන තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි සමාජජාලා වලට ඇබ්බැහි වුණු කෙනෙක් එය වැරැද්දක් සේ දකින්නේ නැති එක. ඔවුන් හිතන්නේ ඔවුන් කරන දේ හරි කියලා.
දෙමව්පියන් කළ යුතු දේ ?
ඔබේ දියණිය හෝ පුතාත් දවසට පැය 10-15හ කාමරයේ දොර වහගෙන ෆේස්බුක් එකේම එල්ලිලා ඉන්නවාද? සමහර දරුවන් මේසයේ ඉඳගෙන කැම ගන්න ගමනුත් ෆෝන් එකේ කොට කොට ඉන්නවා. ඉතින් ඔබේ දරුවාටත් මෙවැනි තත්වයක් නම් ඇතිවෙලා තියෙන්නෙ ඒ ගැන අවධානය දෙන්න. සමහර දෙමව්පියන් දරුවන්ගේ ඇබ්බැහිවීමත් හොඳයි කියලා හිතනවා. ඔවුන් එච්චරට බිසී. දරුවන් ගැන හොයන්න වෙලාවක් ඔවුන්ට නෑ. ඉතින් දරුවන් සමාජජාලා වල හරි එල්ලිලා ඉන්න කොට දෙමව්පියන්ට ඒක ලොකු සහනයක් හා නිදහසක්. ඒ වගේ මෝඩ කිසි වගකීමක් නැති දෙමව්පියනුත් ලංකාවේ අද ඉන්නවා. එතනදී සම්පූර්ණ වැරැද්ද තියෙන්නෙ ඒ දෙමව්පියන් අතේ.
මීට පිළියම්
ඔබේ දරුවාගේත් මෙවැනි ලක්ෂණ ඔබ මෑතක සිට දකිනවාද? එහෙනම් ඒ දරුවා එක්ක කතාකරන්න. ඔහුට හෝ ඇයට යම් මානසික වශයෙන් අඩුපාඩුවක් නැත්තම් දුකක් තියෙනවාද කියලා හොයලා බලන්න. ඔබ දන්නවනෙ සමාජජාලා හරහා දරුවන්ව වැරදි දේට පොළඹවන මිනිස්සුත් ඉන්නව කියලා. ඔබේ දරුවාත් එවැනි ගොදුරකට ලක්වෙලාද දන්නෙ නෑනෙ.
ඔබට මේ ගැටලුව තියෙනවා නම්
ඔබ කාලය කා දමන්න විදියක් නැතිවද Facebook / Twitter එකේ මූණ ඔබාගෙන ඉන්නෙ ?. ඇයි ඔබට ඒ කාලය ඵලදායී දෙයකට යොමුකරන්න බැරි? පොතක් කියවන්න, නැත්තම් ව්‍යායාම කරන්න, ඉඩකඩ තියෙනවනම් Greenhouse එකක වවන්න පුරුදු වෙන්න . ඔබේ ඇබ්බැහිවීම උග්‍ර නම් වෛද්‍යවරයෙක් හමුවී ලැජ්ජ වෙන්නෙ නැතිව වෛද්‍යවරයා සමග කතාකරන්න. සාමාජජාලා වලට ඇබ්බැහි වීමේ අනිසි ප්‍රතිඵල හොඳින් වටහාගන්න. ඉන් ඔබව මානසිකව හා එකම තැන හිඳීමෙන් ශාරීරික වශයෙනුත් ලෙඩෙක් කරනවා. ෆේස්බුක් හරහා ඔබ සමග යාළුවීමට එන නාදුනන අය සමග චැට් කර කර ඉන්න පුරුදුවෙන්න එපා. ඔවුන් ඔබව ගොදුරක් කරගන්න මාන බල බල ඉන්නවා වෙන්න පුළුවන්.
ඔබ විසින්ම සීමාවක් හදාගැනීම
ඔබේ අනිත් වැඩ සියල්ල පාඩු කරගෙන ෆේස්බුක් එකේ එල්ලිලා ඉන්නවද? ඔබේ අනිත් සම්බන්ධතා සමාජජාලා නිසා නැති කරගන්නවාද? ඔබේ ඉගනීමේ කටයුතු ෆේස්බුක් නිසා පාඩු කරගෙන අනාගතයේ කාලකණ්ණි ජීවිතයක් ගත කරනවද? ස්ක්‍රීන් එක දිහාම බලන් ඉඳලා ඇස්පෙනීම දුර්වල කරගන්නවද? ඔන්න ඔය දේවල් ගැන හොඳින් හිතන්න. ඔබේ දෙමව්පියන් කියන දේ හොඳින් තේරුම් ගන්න. මේ හැමදේම කියන්නෙ ඔබේම හොඳටනෙ. ඔබ ෆේස්බුක් එකේ පැය ගණන් කාලය නාස්ති කිරීමෙන් ඔබට මුදල් හෝ වෙන කිසිවක් ලැබෙන්නේ නෑ. සමාජජාලා කොම්පැනි පෝසත් කරන එක විතරයි ඔබ කරන්න. ඒකත් ඔබේ ජීවිතේ කාලකණ්ණි කරගෙන.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now |
