මාලිමා කොට්ටහච්චි එක්ක සජබේ මන්ත්‍රී තුන් දෙනෙක් ලිෆ්ට් එකේ හිර වෙයි
අද(28) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙක් සෝපානයක සිරවී ඇති බවට වාර්තා වේ.
අඳාළ සිදුවීම අධ්‍යයන ශාලාවේ සිට පහළට පැමිණෙමින් සිටියදී සිදුව ඇති බව පවසයි.
කෙසේ වෙතත් මෙසේ විදුලි සෝපානයේ සිරවී ඇත්තේ සමගි ජන බලවේගය (SJB) නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද්‍රානි කිරියැල්ල, චිත්‍රල් ප්‍රනාන්දු, චතුර ගලප්පත්ති යන මහත්ම මහත්මීන් සහ ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන නිලන්ති කොට්ටහච්චි මහත්මිය බව සඳහන්.
එසේම මේ වන විටත් ඔවුන්ව BMICH කාර්ය මණ්ඩලය මඟින් සාර්ථකව මුදා ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.