ප්‍රචාරය කියලා ආතල් එකක් – කෝටි 3ක් පිටින් ගිය හරීන්ගේ 'ස්මාට්' වැඩේ
Harin Fernando
Latest Headlines
Sinhala news
gagana news
SriLanka News - Gagana
By Shehan
පූර්ව ජනාධිපතිවරණ ප්‍රචාරක කාලසීමාව තුළ, ජාතික තරුණ සේවා සභාව විසින් “තරුණයන්ගේ පීඩනයෙන් මුදාගැනීම” යන තේමාව යටතේ ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ පැවැත්වූ ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය සහ සංගීත ප්‍රසංගය සඳහා රුපියල් කෝටි 3.14ක් (3,1417,778) වියදම් කර ඇති බව විගණන වාර්තාවක් හෙළි කරයි.
මෙම ක්‍රියාකාරකම් 2024 ජුනි 14 සහ 15 දිනයන්හිදී පවත්වා ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය නොලැබුණු තත්ත්වයෙන්, චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කර තිබෙන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කල වාර්තාව පෙන්වා දෙයි.
අනුමැතියෙන් කලින් වැඩ – විස්තර නොමැති වියදම්
- අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2024 ජූලි 15 දින ලැබුණු අතර එය 2024 ජූලි 23 දින ජාතික තරුණ සේවා සභාවට දැනුම් දී ඇත.
- එහෙත්, මේ සඳහා වූ ප්‍රදර්ශන කුටීන් ගණන, වියදම් සහ ආදායම් පිළිබඳ තොරතුරු විගණනය වෙත ඉදිරිපත් කර නොමැත.
- කෘෂි අංශය විසින් සකස්කළ රු. මිලියන 2.22ක් වටිනා පොලිටනල් කුටිය සම්බන්ධයෙන් ලියාපදිංචි සිසුන් පිළිබඳ තොරතුරුද නොමැත.
අනියම වැඩසටහන් – මූල්‍ය දුෂණ සැකය
- “සිහිනය” නමැති මානසික සුවතා වැඩසටහන, අනුමැතියක් නොමැතිව හිටපු අමාත්‍යවරයාගේ ඉල්ලීමක් මත ක්‍රියාත්මක කර ඇති අතර, එයට රු. මිලියන 1.9ක් වැයකර ඇත.
- එම වැඩසටහන සජීවීව පටිගත කර තිබුණද, ඒ පිළිබඳ වීඩියෝ සටහන් ජාතික තරුණ සේවා සභාවේ සතු නොවී, විගණනයටත් ඉදිරිපත් කර නැත.
විනිවිදභාවය රහිත වියදම්
- භාණ්ඩ හා සේවා සපයන්නන් තෝරා ගැනීමේදී විධිමත් ක්‍රමවේද නොඅනුගමනය කර, හිටපු සභාපතිගේ කාර්යාලයෙන්ම සියලු කටයුතු සිදුකර තිබීමද වාර්තාවෙන් පැවසේ.
- තරුණයන්ගේ දැනුම වැඩිදියුණු කිරීම වෙනුවට, රසාස්වාදයට පමණක් යොදාගත් මෙවන් උත්සව ජාතික ආර්ථිකයට නැවත ආපසු දායක නොවන වියදම් බවටද විගණකයන් අවධාරණය කරති.
චක්‍රලේඛ උල්ලංඝනය
- ජාතික අයවැය චක්‍රලේඛය මගින් ආයෝජන වියදම් අවම කරනු ඇති බවට උපදෙස් තිබූවත්, ජාතික තරුණ සේවා සභාව එය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇතැයි විගණන වාර්තාවෙන් සඳහන් වේ.
