වහාම ක්රියාත්මක වන පරිදි අයවැයෙන් අසතුටට පත් මේ රජයේ සේවකයන් දැවැන්ත වර්ජනයක
මෙවර අයවැය මගින් තමන්ට සිදුවී ඇති අසාධාරණයට විරෝධය පළ කරමින් අද (14) සහ හෙට (15) සතිඅන්ත රාජකාරීවලින් ඉවත් වීමට පියවර ගන්නා බව වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් එස්. ඒ. ආර්. කේ. සුබසිංහ මහතා සඳහන් කළේ, ඊට සමගාමීව ලබන 16 සහ 17 යන දෙදින තුළ සියලුම ඉංජිනේරු සහකාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයක නිරත වීමට ද තීරණය කර ඇති බවයි.