මුළු ලංකාවටම ඊළඟ අවුරුද්දේ ඉඳන් සුබයි - අයවැය මැද රටේ ණය ගැන වද වුණ හැමෝටම ජනපතිගෙන් සුබ පණිවුඩයක් [VIDEO]

Report

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 වසර සඳහා වන අයවැය කතාව අද(12) දින පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර ඇත.

එහිදී මෙරට රාජ්‍ය ණය, ජාත්‍යන්තර මූල්‍ය ණය පිළිබඳ අපගේ පළමු එකඟතාවයේදී 2032 වන විට 95% දක්වා මට්ටමට ළඟා කර ගැනීම විස්ථීර ණය පහසුකම් වැඩසටහනේ ඉලක්කය බව ජනාධිපතිවරයා පැවසූ අතර 2025 සහ 2026 වසරේදී ගෙවූ ණය ප්‍රමානයට වඩා අඩුවෙන් 2027 සහ 2028 වසරේදී අපට ණය ගෙවන්න සිදු වෙන බවද සඳහන් කළා.

පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී

පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී

එම අවස්ථාවේදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අප අතර බැඳුණු ඉලක්කය තමයි 2032 වන විට අපේ රාජ්‍ය ණය ප්‍රමාණය 95% දක්වා අඩු කර ගැනීම. රාජ්‍ය මූල කළමනාකරණ ප්‍රගතියට අනුව මෙය 87%ක් දක්වා අඩු වේ යැයි ජාත්‍යන්තර මූල අරමුදලේ හයවැනි සමාලෝචනයෙන් පුරෝකථනය කරලා තියෙනවා. 32න් 95% ක ඉලක්කය දැන් පුරෝකථනය කරනවා අපිට 87% අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය මූලිකත්වයෙන් ණය තිරසර භාවය පවත්වා ගැනීම සඳහා වාර්ෂික ණය ගැනීමේ සැලසුම සහ උපාය මාර්ග ක්‍රියාත්මක කරමින් තිබෙනවා. 2025 දී මධ්‍යම රජයේ ණය ප්‍රතිශතය 95% ළඟා වී තිබුණා. සමස්ත විදේශීය ණය සේවාකරණය 2025 වසරේ ඩොලර් මිලියන 3707යි. 2026 දී ඩොලර් මිලියන 3591 ක ණයක් ගෙව්වා. 2027 වසරෙදි සහ 2028 වසරෙදි මිලියන 2986ක් සහ මිලියන 3574ක් වේ. මෙම ණය සේවාකරණය සඳහා අවශ්‍ය වන ස්ථාවරත්වය අප සතුව තිබෙනවා. 2025 සහ 2026 අපි ණය ගෙව්වට වැඩිය අඩුවෙන් තමයි 2027 සහ 2028 දි ණය ගෙවන්න සිද්ධ වෙන්නේ. නිරන්තරයෙන් මම දැක්කා මෙතන 2028 දී අපිට ණය ගෙවා ගන්න බැරි අර්බුදතාවයක් ඇතිවෙනවා කියලා නිරන්තරයෙන් සාකච්ඡා කරනවා හැබැයි අපි 2025සහ 2026 ණය ගෙව්වට වඩා අඩුවෙන් තමා අපිට 2027 සහ 2028 ණය ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි 2025/26 ණය ගෙවන්න හැකියාව තිබුණා නම් අපිට ඉදිරි වසර වලටත් ණය ගෙවීමට සමත් ද්‍රවශීලතාවයක් අප සතුව තිබෙනවා"

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මෙන්න - කථානායක පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මෙන්න - කථානායක පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

අනුරාධපුර සත්‍යග්‍රහ භූමියේ උණුසුම් තත්ත්වයක් සමඟ නොසන්සුන්තාවක් - කඩු ,පොලුවලින් ගුටි හුවමාරුවක්

අනුරාධපුර සත්‍යග්‍රහ භූමියේ උණුසුම් තත්ත්වයක් සමඟ නොසන්සුන්තාවක් - කඩු ,පොලුවලින් ගුටි හුවමාරුවක්