රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ පුරප්පාඩු 148,940ක් හා රාජ්‍ය ආයතන වෙත නව පරිගණක - අයවැයෙන් දුන් තෑගි පිට තෑගී

Report

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කරන අතරතුර, පුරප්පාඩු 148,940ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කාර්ය මණ්ඩල කළමනාකරණය පිළිබඳ නිලධාරී කමිටුව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත.

මෙම සංඛ්‍යාවෙන් බඳවා ගැනීම් 40,000ක් පමණ මේ වන විට සම්පූර්ණ කර ඇති අතර, ඉදිරියේදී තවත් 110,000ක් බඳවා ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කරනු ලැබේ. රාජ්‍ය ආයතන සතුව පවතින පැරණි පරිගණක වෙනුවට නව පරිගණක ලබා දීම සඳහා රුපියල් මිලියන 4,500ක් වෙන් කර ඇත.

ලාෆ් සිලින්ඩර වල මුදල් ආපසු දෙන්න - පාරිභෝගිකයාට ගෑස් දෙන්න බැරිනම් තැන්පතු මුදල් දෙන්න - ලාෆ් ගෑස් සමාගම හිර කරයි

ලාෆ් සිලින්ඩර වල මුදල් ආපසු දෙන්න - පාරිභෝගිකයාට ගෑස් දෙන්න බැරිනම් තැන්පතු මුදල් දෙන්න - ලාෆ් ගෑස් සමාගම හිර කරයි

මීට අමතරව තවත් රුපියල් මිලියන 2,200ක් ලබා දීමට යෝජිතය. දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන සහ විමධ්‍යගත අයවැය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා, එක් දිස්ත්‍රික්කයකට රුපියල් මිලියන 2,000 බැගින්, මුළු රුපියල් මිලියන 50,000ක් වෙන් කරනු ලැබේ.

මෙයින් රුපියල් මිලියන 47,750ක් දිස්ත්‍රික් මට්ටමින් හඳුනාගත් විශේෂ සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කෙරෙන අතර, ඉතිරි රුපියල් මිලියන 2,250, එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 10 බැගින් විමධ්‍යගත අයවැය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කෙරේ.

මේ සිසුන්ගේ මාසික දීමනාව ඉහළට - මාසික දීමනාව රු.20000 දක්වා ඉහළ නංවන බව ජනපති කියයි

මේ සිසුන්ගේ මාසික දීමනාව ඉහළට - මාසික දීමනාව රු.20000 දක්වා ඉහළ නංවන බව ජනපති කියයි

පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන ධාරිතාව ඉහළ නැංවීමටත්, පවතින සම්පත් ඵලදායී ලෙස භාවිතා කිරීමටත්, මූල්‍යමය තිරසාරභාවය ශක්තිමත් කිරීමටත් සිව් වසරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙමගින් පළාත් පාලන ආයතනවල අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂා කෙරෙන අතර, ඒ සඳහා රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

කුරුණෑගල මහ නගර සභාව විසින් ආරම්භ කර, සම්පූර්ණ නොකර අතහැර දමා තිබූ 'කැපිටල් ස්ක්වෙයාර්' (Capital Square) ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා පළාත් සභා අරමුදල්වලින් රුපියල් මිලියන 575ක් වෙන් කරනු ලැබේ.

ඉරානයෙන් යුරෝපයට ප්‍රහාර? බ්‍රිතාන්‍යය, ඉතාලිය, ග්‍රීසිය, සයිප්‍රසය, රුමේනියාව, ඇල්බේනියාව ආදී යුරෝපා රටවල් සඳහා රතුඑලි

ඉරානයෙන් යුරෝපයට ප්‍රහාර? බ්‍රිතාන්‍යය, ඉතාලිය, ග්‍රීසිය, සයිප්‍රසය, රුමේනියාව, ඇල්බේනියාව ආදී යුරෝපා රටවල් සඳහා රතුඑලි