අකුණු සහ තද සුළං අනතුරු - ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් හදිසි රතු එළියක්

Report

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍ය කාලගුණ අනාවැකිය 2026 නොවැම්බර් මස 13 වන දින සවස 04.00 ට නිකුත් කරන ලදී. උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි වාර කිහිපයක් ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයක් - අද දිනයේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයක් - අද දිනයේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්


Gallery