රට හදන්න ඇඩෙන්නම විදුලි බිල වැඩිවෙයි?

By Mithu Jun 07, 2025 05:38 PM GMT
Report

පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය  අර මුදල සිදු කළ ඉල්ලීමකට අනුව ලංකාවේ විදුලි බිල වැඩි කළ යුතු යැයි යෝජනා විය.එසේ නොමැති වුවහොත් ඊළඟ ණය ආධාර මුදල ලංකාවට ප්‍රමාද වී ලැබෙන බවට ඔවුන් සඳහන් කර තිබේ.

එවන්වි පසුබිමක දුලිය ගාස්තු යම් වැඩි කිරීමක් කිරීමට සිදුවනු ඇති බව කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

කඩුවෙල ප්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයකට එක්වෙමින් මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය. ‘යම් වැඩි කිරීමක් කරන්න සිදුවෙයි. අර වැඩි කිරීමට එරෙහි වුනා තමයි. මේ වැඩි කිරීම රටේ යහපත වෙනුවෙන් රට හදන්න කරන එකක්.

රටේ ජනතාව ජනතාවටත් යම් කැප කිරීමක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා’ යයිද ඔහු එහිදී පැවසුවේය. මේ අතර ඉදිරි මාස 06 සඳහා නියමිත විදුලි ගාස්තු සැකසීමේ කටයුතු මේ දිනවල අවසන් අදියරේ පවතින බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න