අමාත්‍ය ලාල්කාන්ත සහ බ්‍රසීල තානාපති අතර විශේෂ සාකච්ඡාවක්
ලොව ප්‍රමුඛ පෙළේ කෘෂිකාර්මික නිෂ්පාදකයෙකු හා අපනයනකරුවෙකු වන බ්‍රසීලය ලබා ගෙන ඇති අත්දැකීම් මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ද යොදා ගත හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් විශේෂ හමුවක් පැවැත්විණි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති ජෝර්ජ් ජෙරාල්ඩෝ කද්‍රි මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා හමු වී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.
මෙරට කෘෂි ක්ෂේත්‍රයට නව තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, එම තාක්ෂණය වාණිජ කෘෂිකර්මාන්තයට යොදා ගැනීම සඳහා බ්‍රසීලයෙන් සහාය ලබාගැනීමට තම මව්රට සමඟ සාකච්ඡා කරන බව තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
ජනාධිපතිතුමනි මාව ආරක්ෂා කරන්න ජීවිතේ අනතුරේ බේරුණේ පෙර පිනකට - පහර කෑමට ලක් රාජාංගනයේ සද්ධාරතනහිමිගෙන් ආන්දෝලාත්මක ප්‍රකාශයක්
ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රසීලය ද ඝර්ම කලාපයට ඇතුළත් වන රටවල් වේ. විශාල භූමි ප්‍රමාණයක විවිධ දේශගුණික කලාප පැවතීම සහ දියුණු කෘෂි තාක්ෂණය යොදා ගැනීම බ්‍රසීලයේ කෘෂිකාර්මික දියුණුවට ප්‍රධාන හේතුව වී තිබේ.
සෝයා බෝංචි, කෝපි, උක්, දොඩම්, බඩඉරිඟු, ගවමස් හා කුකුළු මස් බ්‍රසීලයේ ප්‍රධානතම අපනයන කාණ්ඩ අතරට අයත් වේ.