රට පුරා පනවා තිබූ ගුවන්ගමන් තහනම ඉවත් කෙරේ - ගුවන්ගමන් 4,700කට වඩා අවලංගුයි

Report

අමෙරිකානු ෆෙඩරල් ගුවන්සේවා අධිකාරිය විසින් රටපුරා පනවා තිබූ ගුවන්ගමන් පිටත්වීමේ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ගුවන්ගමන් පාලන මධ්‍යස්ථානවල ඇතිවූ තාක්ෂණික සන්නිවේදන දෝෂයක් හේතුවෙන් එරට ගුවන්තොටුපළ රැසක දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබුණි. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව අමෙරිකාවේ සිදුවූ දීර්ඝතම ගුවන්ගමන් අත්හිටුවීම ලෙස මෙය සැලකේ. ගුවන්ගමන් නිරීක්ෂණ සේවාවක් වන FlightRadar24 දත්තවලට අනුව මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් ගුවන්ගමන් 4,700කට වඩා අවලංගු කර ඇති අතර, ගුවන්ගමන් 10,000ක් පමණ ප්‍රමාද වී ඇත.

විශේෂ නිවේදනයක් - තාක්ෂණික සන්නිවේදන බිඳවැටීමක් හේතුවෙන් වහාම සියලුම ගුවන් ගමන් අත්හිටුවයි

විශේෂ නිවේදනයක් - තාක්ෂණික සන්නිවේදන බිඳවැටීමක් හේතුවෙන් වහාම සියලුම ගුවන් ගමන් අත්හිටුවයි

එමෙන්ම අද දිනය සඳහා නියමිතව තිබූ ගුවන්ගමන් 700කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කිරීමට ද සිදුව තිබේ. පැය 4කට වඩා වැඩි කාලයක් පැවැති මෙම අත්හිටුවීමෙන් පසුව, සියලුම ගුවන් සමාගම්වල ගුවන්ගමන් කාලසටහන් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට දින කිහිපයක් ගතවනු ඇති බව ගුවන්සේවා විශ්ලේෂකයෝ පවසති.

කෙසේ වෙතත් මෙම සන්නිවේදන බිඳවැටීම සයිබර් ප්‍රහාරයක් නිසා සිදු වූවක් බවට කිසිදු සාක්ෂියක් නොමැති බව අමෙරිකානු ආරක්ෂක අංශ තහවුරු කර තිබේ.

දිවයිනේ මේ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි

දිවයිනේ මේ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි

සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව මීට පෙර මෙවැනි රටපුරා ගුවන් තහනමක් පනවන ලද්දේ 2023 ජනවාරි මාසයේදී වන අතර, එවර මිනිත්තු 90ක පමණ කාලයකට දේශීය ගුවන්ගමන් අත්හිටුවීමට ෆෙඩරල් ගුවන්සේවා අධිකාරියට සිදුවිය.