2027 අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ඇරඹෙයි - ජනතාවට ලැබෙන සහන සහ නව රැකියා අවස්ථා ගැන රටම බලා සිටියි [LIVE]

Report

2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ.

අද (12) පෙරවරුවේ රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් අයවැය යෝජනාවලිය සඳහා අනුමැතිය ලබා දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඔක්තොබර් මස 07 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

2027 අයවැය අද පස්වරුවේ ප්‍රකාශයට - මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙයි

2027 අයවැය අද පස්වරුවේ ප්‍රකාශයට - මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපතිවරයා විසින් අද අයවැය කතාව පාර්ලිමේන්තුවේ සිදු කිරීමෙන් පසු අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙට (13) සිට දින 07 ක කාලයක් පැවැත්වීමට නියමිතය. අයවැය කතාව සිදුකෙරෙන අද දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ද ක්‍රියාත්මක කර තිබේ.

සජීවී දර්ශන පහතින් නරඹන්න

අද ඩොලරයට මොකද වුණේ? - මෙරට ප්‍රධාන වාණිජ බැංකුවල අලුත්ම ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න

අද ඩොලරයට මොකද වුණේ? - මෙරට ප්‍රධාන වාණිජ බැංකුවල අලුත්ම ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න