හැමෝම ප්‍රවේශමෙන් - කාලගුණය දරුණු වෙයි.

Sri Lanka Department of Meteorology Weather Rain Sinhala news
By Ashfa Jun 08, 2025 10:39 AM GMT
Ashfa

Ashfa

Report

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසට වැසි තත්ත්වය තද වශයෙන් ඉහළ යාම සහ දිවයින පුරා, මෙන්ම වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං ඇතිවීම බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

මෙම කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් වන ඉදිරි නිවේදන සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවත්, අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක් , දරුවන්ට තවත් අවස්ථාවක් අහිමිවෙයි ද ?

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක් , දරුවන්ට තවත් අවස්ථාවක් අහිමිවෙයි ද ?

වර්ෂා තත්ත්වය පිළිබඳව විශේෂයෙන් පහත පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක එසේම, උතුරු සහ ඌව පළාත්වලදී සවස් හෝ රාත්‍රී වේලාවන්හි ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසිද ඇති විය හැක.

අතිරේකව, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද පැ.කි.මී. 30-40 දක්වා සුළං වේගය ඇතිවිය හැක.

වැඩිම රෝගීන් ප්‍රමාණය බස්නාහිරින්

වැඩිම රෝගීන් ප්‍රමාණය බස්නාහිරින්

තවද, ගිගුරුම් සහිත වැසි සමඟ පැනනැගිය හැකි තාවකාලික සුළං සහ අකුණු නිසා සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය සුරක්ෂිත පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

ReeCha