නුවරඑළිය යටවෙයි - දැඩි වර්ෂාව හේතුවෙන් අවදානම ඉහළට - පහත් බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්

Report

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම වේගයෙන් ඉහළ යමින් පවතී. මීට අමතරව, තලවකැලේ සහ ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇත. මේ තත්ත්වය මත, එම ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වන විට විවෘත කර තබා ඇත. සවස් කාලයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ ගියහොත්, තවත් වාන් දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බව ජලාශය භාර ඉංජිනේරුවන් පවසයි.

ලබන 15 වැනිදා සිට මුළු දිවයිනටම බලපාන පරිදි අනතුරු ඇඟවීමක් - අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වෙන්න

ලබන 15 වැනිදා සිට මුළු දිවයිනටම බලපාන පරිදි අනතුරු ඇඟවීමක් - අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වෙන්න

එබැවින්, කොත්මලේ ජලාශයට පහළින් පිහිටි පහත් බිම්වල ජීවත් වන ජනතාවට ඉතා විමසිලිමත් වන ලෙස දැනුම් දී තිබේ. මේ අතර, අඛණ්ඩව පවතින වර්ෂාව හේතුවෙන් කාසල්රී, මවුසාකැලේ, කැනියන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ඇතුළු අනෙකුත් ප්‍රධාන ජලාශවල ද ජල මට්ටම ඉහළ යමින් පවතී. මේ හේතුවෙන්, එම ජලාශවල ද වාන් දොරටු ඕනෑම මොහොතක විවෘත කිරීමට ඉඩ ඇත.

ඉරානයෙන් යුරෝපයට ප්‍රහාර? බ්‍රිතාන්‍යය, ඉතාලිය, ග්‍රීසිය, සයිප්‍රසය, රුමේනියාව, ඇල්බේනියාව ආදී යුරෝපා රටවල් සඳහා රතුඑලි

ඉරානයෙන් යුරෝපයට ප්‍රහාර? බ්‍රිතාන්‍යය, ඉතාලිය, ග්‍රීසිය, සයිප්‍රසය, රුමේනියාව, ඇල්බේනියාව ආදී යුරෝපා රටවල් සඳහා රතුඑලි

එබැවින්, පූර්ව අවදානම් කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසත්, ගංගාවල ජල මට්ටම ඉහළ යාම පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්ය.

අඛණ්ඩව පවතින වර්ෂාව සහ ජලාශවලින් මුදා හරින අතිරික්ත ජලය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවදානම මඟහරවා ගැනීම සඳහා මහජනතාව පූර්වාරක්ෂක පියවර ගැනීම අත්‍යවශ්‍ය වී තිබේ.

Gallery