ශිරාන් බාසික්ට අයත් රුපියල් කෝටි දෙකහමාරක තෙමහල් නිවසක් තහනම් කෙරේ

Report

රැඳවුම් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් මිලදී ගන්නා ලද බවට සැකකෙරෙන බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක් තහනම් කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන තිබේ.

මෙම තෙමහල් නිවස සහ ඉඩම රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක (රු. 25,000,000) පමණ වටිනාකමකින් යුක්ත වන අතර, එය ශිරාන් බාසික් විසින් සිය පියාගේ නමින් මිලදී ගෙන, පසුව තෑගි ඔප්පුවක් මගින් තම දියණිය වෙත පවරා දී තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

නොවැම්බර් 14 අද දින ඔබගේ ජීවිතයම වෙනස් කරන අද දවසේ ලග්න පලාපල

නොවැම්බර් 14 අද දින ඔබගේ ජීවිතයම වෙනස් කරන අද දවසේ ලග්න පලාපල

ඒ අනුව, අදාළ නිවස ඇතුළු ඉඩම විකිණීම හා පැවරීම වළක්වාලමින් ඊයේ (13) දින සිට බලපැවැත්වෙන පරිදි දින 14ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටියදී පසුගියදා මෙරටට රැගෙන එන ලද ශිරාන් බාසික්ට අයත් තවත් දේපොළ කිහිපයක්ම මේ වන විටත් අත්හිටුවීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල ගණන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල ගණන් මෙන්න