iPhone ඇතුළු ස්මාර්ට් ෆෝන් වල බදු එකවරම අඩු කරලා.. ලාභෙට ෆෝන් එකක් ගන්න පුලුවන්?.
By krishani
ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංගවල ආනයන බදු 20% සිට 15% දක්වා පහත දැමීමට නරේන්ද්‍ර මෝදිගේ නව සන්ධාන රජය ඉදිරිපත් කළ මංගල අයවැය මගින් පියවර ගෙන තිබෙනවා.
මෙම පියවර මගින් ඍජුවම අමෙරිකානු ඇපල් අයිෆෝන් ඉන්දියාව තුළ වැඩි වශයෙන් අලෙවි වීමට හේතුවනු ඇත.
ඇපල් අයිෆෝන්වල සමස්ත නිෂ්පාදනයෙන් 10%ත් 12%ත් අතර ප්‍රමාණයත් වාර්ෂිකව ඉන්දියාවට ආනයනය කරයි.
මේ නිසා 5%ක බදු කප්පාදුව හේතුවෙන් ඇපල් සමාගමට වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 35ත් 50ත් අතර මූල්‍යමය වාසියක් හිමි වේ.
කෙසේ වෙතත්, ෆොක්ස්කොන් සහ ඉන්දියාවේ ටාටා සමූහය වැනි ආයතන කොන්ත්‍රාත්කරුවන් ලෙස යොදා ගනිමින් ඇපල් අයිෆෝන් ඉන්දියාව තුළ නිෂ්පාදනය කළ ද, ඉහළ අන්තයේ (high end) ඇපල් ප්‍රෝ සහ ප්‍රෝ මැක්ස් වැනි ඇපල් දුරකථන මාදිලි ඉන්දියාව තවදුරටත් ආනයනය කරනු ලබයි.