ලංගමට නව සභාපතිවරයෙක්

By Shehan Mar 07, 2025 06:20 AM GMT
Shehan

Shehan

Report

ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා වැඩ භාරගෙන තිබේ.

ඒ අනුව, ඊයේ (06) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරියේදී ඒ මහතා නිල වශයෙන් සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කර ඇත.

සා.පෙළ උපකාරක පන්ති 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

සා.පෙළ උපකාරක පන්ති 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

ලංගම හිටපු සභාපති රමාල් සිරිවර්ධන මහතා පසුගිය ජනවාරි 28 වනදා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙසේ නව පත්කිරීම සිදුකර ඇත.

මාතර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිය මූලික සහ ද්විතීය අධ්‍යාපනය හදාරා ඇති පුරසිංහ මහතා, කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි. පුද්ගලික ආයතන කිහිපයක ජ්‍යේෂ්ඨ තනතුරු කිහිපයක් හොබවා ඇති ඒ මහතා, වර්තමානයේ ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරයි.

ReeCha