සා.පෙළ උපකාරක පන්ති 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
මෙවර අ.පො.ස. (සා/පෙළ) වභාග මේ මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 3663දී පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
අපේක්ෂකයෙන් 474,147 දෙනකු ඊට පෙනී සිටින අතර විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශපත්‍ර මේ වන විට තැපෑලට යොමු කර අවසන් බවයි, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.
එම අයදුම්පත් සංශෝධනයක් කර ගැනීමට ඇත්නම් online ඔස්සේ මේ 10 වැනිදාට පෙර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිදු කරගත හැකි අතර, සියලු පාසල් සිසුන්ගේ ප්‍රවේශපත් ඉක්මනින් ඔවුන් වෙත දෙන ලෙස ද විභාග කොමසාරිස්වරයා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව විභාග කොමසාරිස්වරයා පැවසුවා.
විභාගයේ ප්‍රවේශපත් නොලැබුණු පාසල් සිසුවකු වේ නම් විදුහල්පතිවරයා මඟින් විභාග දෙපාර්ත්තුමෙන්තුවෙන් විමසන ලෙසත් පෞද්ගලික අයදුම්කරුවකු වේ නම් තැපැල් කාර්යාලයෙන් හෝ විභාග දෙපාර්ත්තුමෙන්තුවෙන් විමසන ලෙසයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.
