වීසා නොලැබුණ නිසා රටේ දරුවන්ට ආසියානු කරාතේ තරගයට යාමට බාධා

Report

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් චීනයේ පැවැත්වෙන 23 වැනි ආසියානු කරාතේ ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා දිවයිනෙන් අද (02) පිටත්ව යාමට නියමිතව සිටියද යෑමට නොහැකි වූ බව වාර්තා වේ.

ගණේමුල්ල සංජීව ඝාතනයට පිස්තෝලය පොත තුළ සගවන වීඩියෝව එළියට

ගණේමුල්ල සංජීව ඝාතනයට පිස්තෝලය පොත තුළ සගවන වීඩියෝව එළියට

වීසා නොලැබීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේදී පිරිස පත්වූයේ දැඩි අපහසුතාවකටය.

23 වැනි ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සැප්තැම්බර් 5 වැනිදා සිට 7 වැනිදා දක්වා චීනයේදී පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

මෙම තරගාවලිය සඳහා සහභාගී වන එක් අයෙකුගෙන් රුපියල් පන්ලක්ෂ අසූදහසක මුදලක්ද කරාතේ දෝ සම්මේලනය අයකරගෙන ඇත්තේ ගුවන් ටිකට්පත්, විසා ඇතුළු අනෙකුත් පහසුකම් සලසා දීම සඳහාය.

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ වීසා හිමිවන බව පැවසූ අතර ආසියානු කරාතේ ශූරතා තරගාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස දන්වා ඇත.

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

ඊට අනුව චීනය බලා යන ගුවන් යානය අද පස්වරු 2ට කටුනායක ගුවන්තොටුපොළින් පිටත්වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණේ ඒ වන විටත් කරාතේ දෝ සම්මේලනයේ බලධාරීන් වීසා ලබා ගැනීමට අපොහොසත් වීම මතය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවසුවේ කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණදුන් මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බවයි.