දන්නැති ක්‍රීම් ගෑවද? නමක් නැති චොකලට් කෑවද? මෙන්න වැඩ වැරදිලා
අනවසර රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ආහාර නිෂ්පාදනය කරන ස්ථාන පිලිබදව කොළඹ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පරීක්ෂණයක් සිදු කොට තිබේ.
එම පරීක්ෂණ වලින් අනවසර සුදු කිරීමේ මුහුණු ආවරණ සහ ලියාපදිංචි නොකළ රූපලාවන්‍ය ද්‍රව්‍ය සොයා ගෙන ඇති අතර මෙම නිෂ්පාදන පාරිභෝගිකයින්ට බරපතල සෞඛ්‍ය අවදානම් ඇති කරන බව වාර්තා කරයි.
මෙම පරීක්ෂණ වලදී ආහාරයට නුසුදුසු නිසි ඇසුරුම්, කල් ඉකුත් වීමේ දිනයන් හෝ අමුද්‍රව්‍ය විස්තර නොමැතිව ආනයනික චොකලට් විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇත.

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු
පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා සහ අව්‍යාජ සහ නීත්‍යානුකූලව ආනයනය කරන ලද නිෂ්පාදන පමණක් වෙළඳපොලේ ඇති බව සහතික කිරීම සඳහා රට පුරා පරීක්ෂණ දිගටම කරගෙන යන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන අතර සැක සහිත හෝ අනාරක්ෂිත නිෂ්පාදන 1977 ක්ෂණික දුරකථන අංකයට වාර්තා කරන ලෙස අධිකාරිය පාරිභෝගිකයින්ට පවසයි.