රහස් ප්‍රේම හුටපටයට පැටලූ නිසා නෙස්ලේ සමාගම ලොක්කා එළවයි
ස්විට්සර්ලන්තයේ නෙස්ලේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ට් ෆ්‍රීක්ස්, තමන් යටතේ සේවය කළ නිලධාරිනියක් සමඟ පැවති ප්‍රේම සම්බන්ධයක් හෙළි නොකිරීම හේතුවෙන් හදිසියේ සේවයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
සමාගම ප්‍රකාශ කළේ, ඔහු සමාගමේ පාලනය භාරගෙන වසරකට පසුව මෙම ඉවත් කිරීම සිදුවූ බවයි.
Nespresso කෝපි ඒකකයේ ප්‍රධානියා වූ ප්‍රවීණ අභ්‍යන්තර නිලධාරියකු වන Philipp Navratil වහාම ක්‍රියාත්මක වන පරිදි අනුප්‍රාප්තිකයා ලෙස පත්කර ඇත.
තරඟකාරී නිෂ්පාදන හා එක්සත් ජනපද තීරුබදු මධ්‍යයේ අභියෝග එල්ල වන පසුබිමක, නෙස්ලේ සමාගම මෙම සිදුවීම හේතුවෙන් අභ්‍යන්තර අර්බුධයකට ද මුහුණ දී සිටී.
ෆ්‍රීක්ස් සේවයෙන් ඉවත් කිරීමට හේතුව ඔහු යටතේ සේවය කළ නිලධාරිනියක් සමඟ රහසිගත ආදර සම්බන්ධතාවක් පැවති බවට සිදුකළ පරීක්ෂණයකින් හෙළි වූ බව නෙස්ලේ සමාගම පවසයි.
සමාගමේ වටිනාකම් සහ පාලනය එහි ශක්තිමත් පදනම බවත්, ලෝරන්ට් ෆ්‍රීක්ස්ගේ වසර ගණනාවක සේවයට ස්තූතිවන්ත වන බවත්, නෙස්ලේ සමාගමේ ඉහළ පරිපාලනය ප්‍රකාශ කර ඇත.