ලෝක බලවතුන් එක්වේ - චීන රුසියා ඉරාන හා උතුරු කොරියා නායකයන් එකම තැනකට
චීන ජනාධිපති ෂී ජින්පින්ගේ නායකත්වයෙන් චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම බීජිං අගනුවරදී ආරම්භ වී තිබේ. විශේෂ කරුණක් ලෙස චීනයේ ප්‍රධානතම හමුදා සැමරුමට සහභාගී වීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඊයේ (02) බීජිං වෙත පැමිණ තිබේ.

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු
එමෙන්ම උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ දියණියද චීනය වෙත දුම්රියෙන් පැමිණ ඇති බව වාර්තා වේ.
ලෝක පැසිට්වාදයට හා ජපාන ආක්‍රමණයට එරෙහි චීන යුද ජයග්‍රහණයේ 80 වන සැමරුමට සහභාගී වීම සඳහා රාජ්‍ය නායකයින් මෙලෙස පැමිණි අතර මීට රුසියානු ජනාධිපති විලැද්මියර් පුටින් ද එක්ව තිබේ.
ඉරාන සහ කියුබානු නායකයින් ඇතුළු රාජ්‍ය නායකයින් 26 දෙනෙක් මෙම සැමරුමට සහභාගී වන අතර මිනිත්තු 70ක කාලයක් මෙම උත්සවය පැවැත්වේ. එහිදී චීනයේ අතිනවීන යුද උපකරණ, ගුවන්යානා ආදිය ප්‍රදර්නය කිරීමට හා දිවි පිදූවන් සිහි කර කිරීමට මෙම උත්සවය සුදානම් කර ඇත.
ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට්වාදී විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරයෙහි ප්‍රධාන තේමාව වන්නේ, ‘පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහි කර සාමය අගය කරමු’ ලෙසයි.
මෙයට උත්සවයට ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයට දායක වූ ජාත්‍යන්තර මිතුරන්ට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද විශේෂ ආරාධනාවන් සිදුකර තිබීම විශේෂත්වයකි.
සංවත්සරය වෙනුවෙන් අද (03) රාත්‍රීයේ විශේෂ කලා ප්‍රසංගයක් පැවැත්වීමට ද සුදානම්ය.